Sunday, October 2, 2016

ජීවිතය යනු ගමනකි.ගමනාන්තය කෙසේ  වේදැයි අනුමාන කිරීම පමණක් එහි ගමන් ගන්නා අප හට කල හැකිය.

විවිධ දුෂ්කර අවධි මෙන්ම විවිධ වූ පුද්ගල චරිත සමුහයක් ජීවන ගමන් මගෙහිදී මුණගැසෙනු ඇත.සමහරෙක් මට කිසි දිනෙකදී මුණ නොගසුනානම් යැයි කියා විteකදී ඔබට සිතී ඇතිවාට සැක නැත.නමුදු එලෙස අදුර කරා ඇදී ගිය ඔබේ ජීවිතය යළි පණ පෙවූ ජීවකයකු ඔබ සතු නම් ඔබ සැබවින්ම වාසනාවන්තය.

කොන්දේසි විරහිතව යමෙකුට ආලය කල හැකි පුද්ගලයින් ලොව දුර්ලභය.ආලය යනු හුදෙක් ආත්ම තණ්හාවක් හෝ මමය මාගේය යන හැගීම පමණකැයි යමෙකුට නිර්වචනය කල හැකිය.එය වැරදි යයි කාට නම් කිව හැකිද? ආලය කිරීමත් පෙරළා ආදරය බලාපොරොත්තු වීමත් සාමාන්‍ය මිනිස් ස්වභාවයයි.ආලය නොලැබුණු කල මිනිසා තිරිසනෙකු වන්නේද , ආලය ලැබුණු කල තිරිසනෙකු වුව මිනිස් ගති ප්‍රකට කරන්නේද එබැවින් යැයි අපට සිතිය හැකිය.

පෙර සදහන් කල පරිදෙන් කොන්දේසි විරහිතව ඔබට ආලය කරන්නෙකු ඔබ සතු වේ නම් , ගමනාන්තය නොදන්නා නමුත් ජීවන මංපෙතේ ඇවිද යාමට ඔහු හෝ ඇය ඔබට මහත් රුකුලක් වනු නොඅනුමානය.ලෝකය හමුවේ ඔවුන් ඔබ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.වැටුණු විට නැගිටීමට අත් වැලක් වනු ඇත.එවන් පුද්ගලයෙකු ඔබ සතු වේ නම් ඔහු හෝ ඇය සුරැකිව ලග තබා ගැනීම ඔබ සතුය.මන්ද හැල්මේ දුවන ලෝකයේ තවත් කෙනෙකුන් කෙරෙහි සැබෑ ඇල්මක් දැක්විය හැකි පුද්ගලයින් ලොව දුලභ හෙයිනි.

No comments:

Post a Comment