Monday, September 26, 2016

සෙබළෙකි මා රට දිනූ

රුදුරු අවි අත දරා රුපුන් නැසු විරු පිරිස
ජීවිතය පරදු කර උපන් බිම රැක දුන් සොඳින
ජීවිතේ තුන් යමම පුද කලා නුබ නමට
නෙතේ කදුලක් සිනාසෙන රඟ පසක් කර ඒ අතීතය

දෙපා අද අවසගයි මහපොලොව සිප ගන්න
දෑත මට අහිමි වී ඇත ගිනි අවිය අත ගන්න
දෙනෙත අභියස මැවී බොඳ වේ දිනූ විරු පදක්කම
කොතැනකද සැගවුනේ එදා නැගි ජන රැල්ල

ගෙතූ මල් දම් මහගු පැසසුම් සවන් පත් උතුරා ගලා ගිය
ගිලන් ඇද වට සිදුරු නොමැතිව සිටිය මිතුරන් කොහිද අද දින
ලොවට අමතක මිනිසෙකිය අද මහලු මව් පිය සමග තනිවුන
සිතින් නොවැටුනු කයින් බිඳලුනු එහෙත් එඩිතර සෙබලෙකිය මම

මගේ මව් බිම නිවහල්ය අද සැනසුමක් එය සිත නිවාලන
වැදූ මවටද දිනූ බිමටද ණය නොමැත විරු පුතෙකි අද දින
සිනාසෙන දන අසන් පසක් කර අතීතය මොහොතකට
රඟන්නට රඟ මඩල සැදුවෝ කියන් කව්රුන්ද නුබ හට .....

No comments:

Post a Comment